මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද?
මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
මනුෂ්‍යයා වනාහි හිස්කමට සමානය. ඔහුගේ දවස් පහවයන සෙවණැල්ලක් වැනිය.
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.
ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව. ඔබ සියලු මනුෂ්‍ය පුත්‍රයන් මැවුවේ කුමන නිෂ්ඵලකමකටද!
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?
එඬේර කූඩාරමක් මෙන් මාගේ වයස මාගෙන් පහකරනු ලැබ මා වෙතින් ගෙනයනලද්දේය. වියන්නෙකු සේ මම මාගේ ජීවිතය අකුලාගතිමි; අළුවෙන් කපාදමන්නාක් මෙන් උන්වහන්සේ මා සිඳ දමනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය.
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.