ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.
එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.
එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.
එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.
මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,
උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?
එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව.
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.