මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.
නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව.
මා ළඟට ඇවිත්, මාගේ වචන අසා, ඒවා පවත්වන අය කාට සමානදැයි නුඹලාට පෙන්වමි:
එවිට ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේට වරද තබන්ට මාර්ගයක් සොයාගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසේදී සුවකරනවා ඇද්ද කියා බලා සිටියෝය.
එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.
මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.