Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



පිලිප්පි 4:22

Sinhala Revised Old Version

සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?

ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.

එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.

ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.

සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාර කරති.

මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ.

නුඹලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාරකරන්න. ඉතාලියේ අය නුඹලාට ආචාරකරති.

නුඹලා සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී නුඹලාට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාරකරයි.

නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්