ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙනමෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.
මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
ලුණු හොඳය. නුමුත් ඒවායේ ලුණු ගතිය නැතිවුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? නුඹලා තුළ ලුණු ඇතුව සිටින්න, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්නැයි කීසේක.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.
නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.
ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.