සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.
නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.
සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,
මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.
එහෙයින් නුඹලා මා ආදර්ශයට ගන්නන් වන ලෙස නුඹලාගෙන් ඉල්ලමි.
නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.
නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.
යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න.
මක්නිසාද අප අනුවයන්නෝ වෙන්ට ඕනෑ කෙසේද කියා නුඹලාම දනිවුය. මක්නිසාද අපි නුඹලා අතරෙහි අනියම් ලෙස නොහැසිර,
එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම නුඹලාට ආදර්ශයක් වන පිණිසත් නුඹලා අප අනුවයන්නන් වන පිණිසත්ය.
නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.
දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.
නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.