Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



පිලිප්පි 1:18

Sinhala Revised Old Version

ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.

වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක.

නුමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොහැඟෙන ලෙස සැඟවී තිබුණේය. ඔව්හු ඒ කීම ගැන උන්වහන්සේගෙන් අසන්ට භයවූවෝය.

නුමුත් යේසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද නුඹලාට විරුද්ධව නැති තැනැත්තේ නුඹලාගේ පක්ෂයටයයි ඔහුට කීසේක.

එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව.

එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා.

එසේවී නම් කුමක් කියම්ද? දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමක්ය කියාවත් කියම්ද?

එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.

එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ නුඹලා අදහාගත්තහුය.

මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්