බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය; ඔහු ඒ මිදිවත්ත බලන්නන්ට භාර දුන්නේය; එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්ට එකිනෙකාට නියමවිය.
ඔහු සාරාට කථාකොට: බලව, මම නුඹේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය නුඹ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි නුඹට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි නුඹට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.
මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;
අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි.
වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
අපි අලුයම නැගිට මිදිවතුවලට ගොස්, මිදිවැල් දළුලා මල් පිපුණේද, දෙළුම් ගස්වල මල්පිපී තිබේදැයි බලමු. එහිදී මාගේ ප්‍රේමය නුඹට දෙන්නෙමි.
මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.
උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.