සාලමොන්ගේ උතුම් ගීතිකාවය.
ඔහු උපදේශවාක්‍ය තුන්දහසක් කීවේය. ඔහුගේ ගීතිකාද එක්දාස් පහක්ය.
ස්වාමීන්වහන්සේ සාලමොන්ට පොරොන්දුවූ ලෙස උන්වහන්සේ ඔහුට ප්‍රඥාව දුන්සේක; හීරාම් සහ සාලමොන් අතරේ සමාදානය පැවතුණේය; තවද ඔවුන් දෙදෙනා එක්ව ගිවිසුමක් කරගත්තෝය.
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.
මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකාකරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය.