Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 8:10

Sinhala Revised Old Version

එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

32 හුවමාරු යොමු  

අටවෙනිදා ඔහු සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.

ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.

ලෙවීවරුද: අද දවස ශුද්ධ නිසා නිශ්ශබ්දවෙන්න; ශෝක නොවෙන්නැයි කියා මුළු සෙනඟ නිශ්චල කළෝය.

එසේ මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.

ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.

ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.

ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.

මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.

තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.

කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.

තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.

බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.

නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.

මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.

ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: [මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.]

මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිසන්තෝෂවෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක, තද වැස්ස වන පළමුවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත.

යෙරුසලමෙහිද යූදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවල ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. පූජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්නෝය. ඒ කාලයේදී සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.

එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.

එනම්, බොහෝ දුක්විඳීම නමැති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත්, ඔවුන්ගේ මහත් දිළිඳුකමේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ගේ තෑගිවන්තකම නමැති ධනයෙන් වැඩිවූ බවත්ය.

ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන.

මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.

නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්