Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 5:14

Sinhala Revised Old Version

තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,

ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන,

තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි.

තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.

එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්