මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාවූ රැකවල්ලුවත් ඇඳුම් නොගැළෙවුවෙමු, එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය.
එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්‍රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි.
එකල සෙනඟද ඔවුන්ගේ භාර්යාවෝද තමුන්ගේ සහෝදර යුදෙව්වරුන්ට විරුද්ධව මහත් ඝෝෂාවක් කළෝය.
එසේය, මම පවුරේ වැඩේම යෙදී සිටියෙමි, අපි කිසි බිමක් මිලේට නොගතිමු. මාගේ සියලු සේවකයෝද ඒ වැඩේට එහි රැස්වී සිටියෝය.
තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.
උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත.
නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනඟ දොරටුවට බැස්සෝය.
අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා නුඹලා දුටු දේම නුඹලාත් ඉක්මනින් කරන්නැයි කීවේය.