ඔවුන් ගාව රන්කරුවන්වූ හර්හායාගේ පුත්‍රවූ උස්සීයෙල් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍රකරන්නන්ගෙන් කෙනෙක්වූ හනනියා අලුත්වැඩියාකෙළේය, ඔව්හු පළල් පවුර දක්වා යෙරුසලම සවිකළෝය.
පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.
අනික් අතට ස්තුතිකරන දෙවෙනි කණ්ඩායමද ඔවුන් පස්සේ මමද සෙනඟගෙන් භාගයක්ද, පවුර පිට උදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,
එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.
මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.
වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.