මිටියාවතේ දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනගා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය.
ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.
තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.
සානොවාහිද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වලද, ලාකීෂ්හි සහ ඒකේ කෙත්වලද, අසේකාහි සහ ඒකේ ගම්වලද විසුවෝය. මෙසේ ඔව්හු බෙයෙර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝය.
නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,
මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවතේ දොරටුවෙන් ඇතුල්වී ආයෙමි.
ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,
යෙශ්‍රයෙල්ද යොක්දෙයාම්ද සානොවාද,