ඔහු ගාව හරුමප්ගේ පුත්‍රවූ යෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව හෂබ්නෙයාගේ පුත්‍රවූ හට්ටූෂ් අලුත්වැඩියාකෙළේය.
හට්ටුෂ්ද ෂෙබනියාද මල්ලූක්ද;
හාරීම්ද මෙරේමොත්ද ඔබදියාද;
හාරීම්ගේ පුත්‍රවූ මල්කියාද පාහත්-මෝවබ්ගේ පුත්‍රවූ හප්ෂූබ්ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියාකළෝය.
ඔවුන් ගාව බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත් වැඩියාකළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියාකෙළේය.
ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය.
පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.