Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 2:3

Sinhala Revised Old Version

එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

21 හුවමාරු යොමු  

එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.

තවද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ සත්වෙනිදා බබිලෝනියේ රජුගේ සේවකයෙක්වූ රැකවලුන්ගේ අධිපතිවූ නෙබු-සරදාන් යෙරුසලමට ඇවිත්,

ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.

ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.

හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවිය.

ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය.

ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.

නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,

මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.

මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.

එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.

මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.

මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.

තවද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවයකළාවූ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත්,

ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.

කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය.

ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා.

රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා.

එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා.

එකල ඒ අමාත්‍යයෝද දිසාපතීහුද රජු වෙතට රැස්ව ඔහුට කථාකොට: දාරියුස් රජ්ජුරුවෝ සදාකාලයටම ජීවත්වේවා.

මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්