Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 2:14

Sinhala Revised Old Version

පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.

හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?

මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.

ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමුන් ඉදිරිපිටද තිබුණු දාවිත්ගේ ගෙට ඉහළින් පවුරට නැගුමෙහි දාවිත්ගේ නිවර පඩිවලින් නැගී, නැගෙනහිරට තිබෙන වතුර-දොරටුව ළඟට ගියෝය.

උල්පත් දොරටුව මිශ්පා පළාතේ අධිපතියාවූ කොල්-හොසෙගේ පුත්‍රවූ ෂල්ලූන් අලුත්වැඩියාකෙළේය. ඔහු ඒක ගොඩනගා වසා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැගුවේය.

ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය.

ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්