මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ,
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය.
උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි.
හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.
එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැගිට බැටළු දොරටුව ගොඩනගා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය.
කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය.