තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.
එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජන ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය.
එවිට පූජකයෝ උන් මරා, මුළු ඉශ්‍රායෙල් උදෙසා සමඟිකමක් කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝය. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් උදෙසා දවන පූජාවත් පාප පූජාවත් ඔප්පුකළ යුතුයයි රජ නියමකෙළේය.
හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය.
හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
පූජකයොත් ලෙවීවරුත් පවිත්‍රවී සෙනඟද දොරටුද පවුරද පවිත්‍රකළෝය.
මාගේ දෙවියන්වහන්ස, මේ ගැන මා සිහිකළ මැනව, මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව.
පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.
මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.
එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.