Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 12:45

Sinhala Revised Old Version

ඔව්හුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද දාවිත්ගේ සහ ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ආඥාව ලෙස තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියම මුරයත් පවිත්‍රවීම පිළිබඳ නියම මුරයත් පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.

මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද

මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.

නුමුත් පූජකයන්ද ලෙවීවරුන්ගෙන් සේවයකරන්නන්ද හැර වෙන කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල් නොවේවා; ඔව්හු විශුද්ධව සිටින නිසා ඇතුල්වෙත්වා. නුමුත් මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වාවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්