අනාතෝත්හිද නොබ්හිද අනනියාහිද;
බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද;
හාශොර්හිද රාමාහිද ගිත්තයිම්හිද;
අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅට දෙනෙක්ය.
ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!
ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.
අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු නුඹ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.
ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ට එනම් එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත් බාලයන්ට හා කිරිදරුවන්ටත් ගවයන්ට හා කොටළුවන්ටත් බැටළුවන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.