අනික් ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද යූදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝය.
තවද දොරටු රැකවල්කළාවූ අක්කූබ්ද ටල්මොන්ද ඔවුන්ගේ සහෝදරයෝවූ දොරටුපාලයෝද එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.
යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.
පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.