Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 9:9

Sinhala Revised Old Version

ඒවා මිසර දේශය මුළුල්ලෙහි සිහින් ධූලිව, මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටද මෘගයන් පිටද වණ හටගන්නා ගඩුවන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.

ඔව්හු උදුනේ අලු රැගෙන ඵාරාවෝ ඉදිරිපිට සිටියෝය; මෝසෙස් ඒවා අහස දෙසට ඉස්සේය; ඒවා මනුෂ්‍යයන් පිටත් මෘගයන් පිටත් වණ හටගන්නා ගඩු විය.

තවද ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: උදුනේ අලු අත් පුරා ගන්න, මෝසෙස් ඒවා ඵාරාවෝගේ ඇස් හමුවෙහිදී අහස දෙසට ඉසීවා.

සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.

නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.

එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය; එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්