ස්වාමීන්වහන්සේ වේලාවක් නියමකොට: හෙට දවසේ ස්වාමීන්වහන්සේ මේ දෙය දේශයෙහි කරනවා ඇතැයි කීසේක.
සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද? උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?
එසේ හරින්ට අකැමැති වන්නෙහිනම්, බලව, මම හෙට නුඹේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.
මාගේ සෙනඟ හා නුඹේ සෙනඟ අතරේ වෙනසක් කරන්නෙමි. හෙට දවසේ මේ ලකුණවන්නේය කියා කියවයි කීසේක.
බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.
පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.
ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.