මෝසෙස් ඵාරාවෝ කෙරෙන් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව්කෙළේය.
ඔහු ඵාරාවෝ වෙතින් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය.
එවිට මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියෝය. මෝසෙස් වනාහි ස්වාමීන්වහන්සේ ඵාරාවෝ පිටට පැමිණෙවු මැඩියන් ගැන උන්වහන්සේට යාච්ඤාකෙළේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ වචන ලෙස කොට මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද පහකළසේක; එකෙක්වත් ඉතුරු නොවීය.
මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.