ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය දිගුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.
උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.
මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.
ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.
එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.
ඔව්හු එසේ කළෝය; ආරොන් තමාගේ සැරයටිය රැගෙන අත දිගුකොට පොළොවේ දූවිල්ලට ගැසුවේය, එවිට මනුෂ්‍යයන්ද මෘගයන්ද පිට කිනිතුල්ලෝ වූවෝය; පොළොවේ දූවිලි සියල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලෝ විය.
මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය ගෙන මිසර දේශය පිට මැඩියන් පමුණුවන පිණිස ගංගා කෙරෙහිද ඇළ දොළවල් කෙරෙහිද පොකුණු කෙරෙහිද නුඹේ අත දිගුකරවන්නැයි ආරොන්ට කියන්නැයි කීසේක.