Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 7:18

Sinhala Revised Old Version

ගඟෙහි සිටින මත්ස්‍යයෝද මියයන්නෝය, ගඟද දුර්ගන්ධ වෙනවා ඇත; මිසරවරු ගඟේ වතුර බොන්ට අතිශයින් අප්‍රියවන්නෝයයි ඔහුට කියවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.

සියලු මිසරවරු බොන පිණිස වතුර ගන්ට ගඟ අසල හෑරුවෝය; මක්නිසාද ඔවුන්ට ගඟේ වතුර බොන්ට නොහැකිවිය.

ගංගා ගඳගසයි; මිසරයේ ඔයවල් හිස්වී සිඳීයයි. බටගස්ද පන්ද මැළවෙයි.

එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.

සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්