තවද ඵාරාවෝ: බලව, දේශයේ සෙනඟ දැන් බොහෝය, නුඹලා ඔවුන්ගේ බර වැඩවලින් ඔවුන් නවත්වන්නහුයයි ඔවුන්ට කීය.
තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය.
මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.
මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.
රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.