Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 5:13

Sinhala Revised Old Version

විධානවරු: පිදුරු තිබුණු කල්හි මෙන්ම නුඹලාගේ නියමවූ දවස්පතා වැඩ සම්පූර්ණකරන්නැයි කියා ඔවුන්ට ඉක්මන්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.

ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.

එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.

නුඹලාම ගොස් සොයාගන්ට පුළුවන් තැන්වලින් පිදුරු ගෙනෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩවලින් කිසිවක් අඩුකරන්ට බැරියයි කියන්නේයයි කීවෝය.

එබැවින් සෙනඟ පිදුරු පිණිස ඉපනැලි එකතුකරන්ට මුළු මිසර දේශයෙහි විසිර ගියෝය.

ඵාරාවෝගේ විධානවරු තමන් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි පත්කළ මුලාදෑනීන්ට කථාකොට: නුඹලා මීට ඉස්සර කළාක්මෙන් ඊයෙත් අදත් නුඹලාට නියම ගඩොල් ගණන නොසෑදුවේ මක්නිසාදැයි කියා ඔවුන්ට තැළුවෝය.

එම දවසෙහි ඵාරාවෝ සෙනඟගේ විධානවරුන්ටද ඔවුන්ගේ මුලාදෑනීන්ටද අණකොට:




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්