නුඹලාම ගොස් සොයාගන්ට පුළුවන් තැන්වලින් පිදුරු ගෙනෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩවලින් කිසිවක් අඩුකරන්ට බැරියයි කියන්නේයයි කීවෝය.
එවිට සෙනඟගේ විධානවරුද ඔවුන්ගේ මුලාදෑනීහුද පිටත ගොස් සෙනඟට කථාකොට: ඵාරාවෝ මෙසේ කියන්නේය; මම නුඹලාට පිදුරු නොදෙමි.
එබැවින් සෙනඟ පිදුරු පිණිස ඉපනැලි එකතුකරන්ට මුළු මිසර දේශයෙහි විසිර ගියෝය.