සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.
ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,
සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ මෙහෙකිරීමට රැස්වන ස්ත්‍රීන්ගේ කැඩපත්වල පිත්තලෙන් සෝදන භාජනයද ඒකේ අඩියද සෑදුවේය.
දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.
වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලන්න.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.