වලාකුළ මණ්ඩපය මතුයෙන් ඔසවනු ලැබූ හැමවිටම ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් යන්ට පිටත්වුණෝය.
ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.
උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.
දවාලේ වලාකුළකින්ද මුළු රෑ ගිනි එළියකින්ද උන්වහන්සේ ඔවුන් ගෙනගියසේක.
වලාකුළ යම් විටක කූඩාරම මත්තෙන් ඔසවනලද්දේද ඉන්පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය. වලාකුළ යම් තැනක නැවතුණේද එතැන්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කූඩාරම් ගසාගත්තෝය.
වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.
මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්,