මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ අත් පා එහි සේදුවෝය.
ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,
ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය.
ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය.
යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක.
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,