දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා,
ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය.
දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.
එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය.
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–පූජාසනය පිට දවන පූජා ඔප්පුකරන්ටත් ඒක පිට ලේ ඉසින්ටත් එය සාදන කල ඒකේ නියෝග මේවාය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:
අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?
අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.
එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.