දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනි දවසේදී මණ්ඩපය පිහිටුවනලද්දේය.
මේ මාසය නුඹලාට මාසවල පටන්ගැන්ම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළමුවෙනි මාසය වන්නේය.
මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.
මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය.
ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:
දෙවෙනි වර්ෂයෙහි දෙවෙනි මස විසිවෙනි දින වලාකුළ සාක්ෂි මණ්ඩපය කෙරෙන් ඔසවාගන්නා ලද්දේය.
තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී,
ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
තවද මණ්ඩපය පිහිටෙවු දවසේදී වලාකුළකින් මණ්ඩපය එනම් සාක්ෂි කූඩාරම වැසුණේය. සවස්වූ කල මණ්ඩපය මත්තෙහි ගින්නක් වැනි පෙනීමක් පහන් වෙන තුරු තිබුණේය.