Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 39:41

Sinhala Revised Old Version

ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

නුඹේ සහෝදරවූ ආරොන්ට මහිමය සහ අලංකාරය පිණිස ශුද්ධවූ වස්ත්‍ර සාදන්න.

ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු පටිය පිට තිබෙන පිණිසද ඒක ඒඵොද් සැට්ටයෙන් වෙන් නොවී තිබෙන පිණිසද ඒකේ වළලුවලින් ඒඵොද් සැට්ටයේ වළලු නිල්වන් පටියකින් බඳිත්වා.

ආරොන්ගේ පුත්‍රයන්ටත් යට ඇඳුම්ද ඉඟපටිද සාදන්න, මහිමය සහ අලංකාරය පිණිස ඔවුන්ට මකුටත් සාදන්න.

විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ශුද්ධස්ථානයෙහි මෙහෙකරන පිණිස නිල්, රත්නිල්, රතු සිහින් වස්ත්‍ර සාදා ආරොන්ට ශුද්ධ වස්ත්‍රද සෑදුවෝය.

මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්