Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 39:39

Sinhala Revised Old Version

පිත්තල පූජාසනයද ඒකේ පිත්තල මැස්සද ඒකේ පොලු සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.

පූජාසනය පස් රියනක් දිගටද පස් රියනක් පළලටද ෂිටිම් ලීවලින් සාදන්න; පූජාසනය හතරැස් විය යුතුය. එහි උස තුන්රියනක් විය යුතුය.

ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න.

සේදීම පිණිස පිත්තලෙන් භාජනයක්ද පිත්තලෙන් එහි අඩියද සාදන්න. එය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.

ඔහු එයින් සම්මුඛවීමේ කූඩාරමේ දොරටුවට අඩිද පිත්තල පූජාසනයද ඊට පිත්තල මැස්සද පූජාසනයේ සියලු භාජනද,

රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද;

මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්