ඔව්හු තවත් වළලු දෙකක් රනින් සාදා උරපටි දෙකේ යට පැත්තේ ඒකේ මූට්ටුව ළඟ ඉදිරියෙහිද ඒඵොද්හි විසිතුරු කොට වියනලද ඒකේ පටිය පිටද ඒවා සවිකළෝය.
තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.
බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.
ඔව්හු වළලු දෙකක් රනින් සාදා ඒඵොද් සැට්ටයේ ඇතුල් පැත්තේ තිබෙන ළය වැස්මේ දෙකෙළවර වාටියෙහි සවිකළෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු කොට වියනලද පටිය පිට තිබෙන පිණිසද ළය වැස්ම ඒඵොද් සැට්ටයෙන් ගැළවී නොයන පිණිසද ඒකේ වළලු ඒඵොද් සැට්ටයේ වළලුවලට නිල් පටියකින් බැන්දෝය.