ඔහු රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද ඒඵොද් සැට්ටය සෑදුවේය.
රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.
නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;
ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
ඔව්හු දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය.
ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.