රිදී තලෙන්ත සියය ශුද්ධස්ථානයේ අඩි සහ තිරයේ අඩිත් වාත්තුකිරීමටය; අඩියකට තලෙන්තයක් බැගින් තලෙන්ත සියයකින් අඩි සියයක් විය.
එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.
එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සාදන්න.
ලෑලි අටක්ද එක ලෑල්ලක් යට අඩි දෙකක් සහ තවත් ලෑල්ලක් යට අඩි දෙකක්ද බැගින් රිදීයෙන් අඩි සොළොසක් වන්නේය.
ඒක රනින් වැසුවාවූ රන් කොකු ඇත්තාවූ රිදී අඩි සතරක් පිට පිහිටුවා තිබෙන්නාවූ ෂිටිම් ලී කුළුනු සතරක් පිට එල්ලන්න.
ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.
ඔහු ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑ පහකින් කුළුනුවලට කොකු සාදා ඒවායේ පේකඩ වසා ඒවාට පටිද සෑදුවේය.