ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.
මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.
දවන පූජාවල පූජාසනයද ඔහු ෂිටිම් ලීවලින් සෑදුවේය. ඒක පස් රියනක් දිගද පස් රියනක් පළලද ඇතුව සතරැස්ව තුන් රියනක් උස්ව තිබුණේය.
පූජාසනයේ සියලු භාජන එනම් හැළිද හැඳිද තලිද මස් කොකුද ගිනිකබල්ද සෑදුවේය. ඒකේ සියලු භාජන ඔහු පිත්තලෙන් සෑදුවේය.