වටකරින් මළුවේ සියලු තිර කටිනලද සිහින් හණ නූලින් විය.
අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය.
කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.