කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක් අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය.
කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව එක අත්තකද කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව අනික් අත්තේද විය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයේම එසේ විය යුතුය.
ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය.
පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය.