Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 37:10

Sinhala Revised Old Version

ඔහු ෂිටිම් ලීවලින් මේසය සෑදුවේය. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක්රියනක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,

මේසය සහ එහි භාජනද පවිත්‍ර පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,

මේසය සහ ඒකේ පොලුද ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;

ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය.

කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණ ලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.

මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න.

නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.

තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.

කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.

අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්