Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 36:4

Sinhala Revised Old Version

ශුද්ධස්ථානයේ සියලු කර්මාන්ත කළාවූ සියලු ශිල්පීහු තම තමන් කළ කර්මාන්තය හැර ඇවිත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය.

ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.

මෝසෙස්ට කථාකොට: කරන්ට කියා ස්වාමීන්වහන්සේ අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනඟ ගෙනෙතියි කීවෝය.

ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද?

එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?

මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්