ඔහු නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරය සෑදුවේය. කෙරුබිම් රූප සහිතව දක්ෂ කර්මාන්ත කරුවෙකුගේ කර්මාන්තයෙන් එය සෑදුවේය.
තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.
සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට එනම් සාක්ෂිය පිට තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබන්න, එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි.
ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය.
ඔහු ඒකට ෂිටිම් ලීවලින් කුළුනු සතරක් සාදා ඒවා රනින් වැසුවේය. ඒවායේ කොකු රනින් සාදා ඒවාට රිදී අඩි සතරකුත් වාත්තුකෙළේය.
පෙට්ටිය මණ්ඩපය ඇතුළට ගෙනවුත් වැසීමේ තිරය එල්වා, සාක්ෂිපෙට්ටිය වෙන්කෙළේය.
බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;
උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,