මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: නුඹලා විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය:
සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.
ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ළඟට ආවෝය. ඔහුද සීනයි කන්දේදී ස්වාමීන්වහන්සේ ඔහු සමඟ කථාකළ සියල්ල ගැන ඔවුන්ට අණදුන්නේය.
ව්‍යවස්ථාවක් නැතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශවන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චයකරනු ලබන්නෝය.
නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.