Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 34:31

Sinhala Revised Old Version

නුමුත් මෝසෙස් ඔවුන්ට අඬගැසුවේය; එවිට ආරොන්ද සභාවේ සියලු අධිපතිවරුද ඔහු ළඟට හැරී ආවෝය. මෝසෙස් ඔවුන්ට කථාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.

යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.

තවද හවෙනි දවසේදී ඔව්හු එකිනෙකාට ඕමෙර දෙකක් බැගින් දෙගුණයක් රැස්කරගත්තේය. සභාවේ සියලු අධිපතීහු අවුත් මෝසෙස්ට ඒ බව කීවෝය.

තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

ආරොන් සහ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් මෝසෙස් දුටුකල, බලව, ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය; එබැවින් ඔව්හු ඔහු ළඟට එන්ට භයවූය.

ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ළඟට ආවෝය. ඔහුද සීනයි කන්දේදී ස්වාමීන්වහන්සේ ඔහු සමඟ කථාකළ සියල්ල ගැන ඔවුන්ට අණදුන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්