Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 32:29

Sinhala Revised Old Version

මෝසෙස්ද: මෙදින නුඹලා කෙරෙහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදයක් එවන පිණිස එක් එක්කෙනා තම තමාගේ පුත්‍රයාට විරුද්ධවද තම තමාගේ සහෝදරයාට විරුද්ධවද අද උන්වහන්සේට කැපවෙන්නැයි කීය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඉගැන්නුවාවූද ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධව සිටියාවූද ලෙවීවරුන්ට ඔහු කථාකොට: ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් විසින් සෑදූ ගෘහයෙහි ශුද්ධ පෙට්ටිය තබන්න; නුඹලාගේ කර පිට තවත් බරක් නැත. දැන් නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් සේවයකර,

ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කළෝය. එසේ ඒ දවසේදී සෙනඟ අතරෙන් තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ වැටුණෝය.

පසුවදා මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මහත් පාපයක් කළහුය, මම දැන් ස්වාමීන්වහන්සේ වෙතට නගින්නෙමි; සමහර විට නුඹලාගේ පාපය ගැන සමඟිකමක් කරන්ට මට පුළුවන් වන්නේයයි සෙනඟට කීවේය.

පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.

නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත.

මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්