ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.
කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.
ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.